හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය. කුලුඳුලා ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය. දෙවැනියා කර්මෙලීය අබිගායිල්ගෙන් උපන් දානියෙල් ය;
එස්රා 8:2 - Sinhala New Revised Version 2018 පිනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම් ය; ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල් ය; දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටුෂ් ය; Sinhala New Revised Version පිනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම් ය; ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල් ය; දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටුෂ් ය; Sinhala Revised Old Version පීනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම්ය. ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල්ය. දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටූෂ්ය. |
හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය. කුලුඳුලා ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය. දෙවැනියා කර්මෙලීය අබිගායිල්ගෙන් උපන් දානියෙල් ය;
ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.
“අර්තක්ෂස්තා රජුගේ රාජ්‍යය කාලයේ දී මා සමඟ බබිලෝනියේ සිට පැමිණි අයගේ පවුල්වල ප්‍රධානීහු මොවුහු ය. ඔවුන්ගේ පෙළපත් ලේඛන මෙසේ ය:
“අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි.