එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.
එස්රා 7:25 - Sinhala New Revised Version 2018 “එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න. Sinhala New Revised Version “එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න. Sinhala Revised Old Version එස්රා, නුඹ වනාහි ගඟ එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චයකරන පිණිස නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් දන්නාවූ විනිශ්චයකාරයන්ද නඩුකාරයන්ද නුඹේ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කරන්න; ඒවා නොදන්න අයට උගන්වන්න. |
එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.
මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත.
රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ ය.
එවිට අසිරියාවේ රජ අණ කරමින්, “ඔබ එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක් කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසය කරමින් ඒ දේශයේ දෙවියන් නමදින අන්දම ඔවුන්ට උගන්වා දේ වා”යි කී ය.
එසේය, ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා කරන පිණිස ඔබට නැණනුවණ සහ බුද්ධි මහිමය දී, ඉශ්රායෙල්වරුන් ගැන වගකීමක් ඔබට දෙන සේක් වා!
මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.
නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය.
දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.
එස්රා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව හදාරන්නත් එය පිළිපදින්නත්, එහි ඇති අණපනත් ඉශ්රායෙල් සෙනඟට උගන්වන්නත් ඇප කැප වී සිටියේ ය.
ඔබේ භාරයේ ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජුදා හා ජෙරුසලම ගැන කරුණු විභාග කරන පිණිස, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් ඔබ යවනු ලැබ ඇත.
ඔව්හු තමන්ගේ ස්ථානයෙහි නැඟිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වෝ ය; තවත් හතරෙන් කොටසක් තුළ එකිනෙකා පාපෝච්චාරණය කර, දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.
දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත් වන යම් විනයධරයෙක් වේ ද, ඔහු සිය ගබඩාවෙන් නවීන දේත්, පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමාන ය”යි වදාළ සේක.
උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය.
අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.
ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.