ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 6:7 - Sinhala New Revised Version 2018

“දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරීගන ගියාවේ. යුදෙව්වරුන්ගේ දිශාධිපතියාද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගත්වා.

පරිච්ඡේදය බලන්න



එස්රා 6:7
4 හුවමාරු යොමු  

උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසෙක් හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය.


දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.


ඇරත් දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනැඟීම පිණිස ඔබ ජුදෙව්වරුන්ගේ ඒ ප්‍රජා මූලිකයන්ට කළ යුතු දේ ගැන මම මෙසේ නියෝගයක් කරමි: වැඩට අවහිරයක් නොවන පිණිස රාජ භාණ්ඩාගාරයේ දෙයින් එනම්, යුප්‍රටීස් ගඟින් එගොඩ පෙදෙසින් ලැබෙන බදු ආදායමෙන් නොපමා ව මුළු වියදම දිය යුතු ය.