ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද
එස්රා 3:4 - Sinhala New Revised Version 2018 ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ. Sinhala New Revised Version ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ. Sinhala Revised Old Version ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය. |
ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද
තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියාපදිංචි වූ ඔවුන්ගේ පිරිමින් හැර, තමන්ගේ කාණ්ඩවල හැටියට තම තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූ සියල්ලන්ටත් ඔව්හු එසේ දුන්නෝ ය.
තවද, නුඹ කෙතේ වගා කළ ධාන්‍යවල නාඹුල් පල නෙළන විට අගස් පල මංගල්‍යය පැවැත්විය යුතුයි. අවුරුද්ද අවසානයේ දී වතුපිටිවලින් නුඹේ පලතුරු රැස් කරන විට අස්වැන්නේ මංගල්‍යය සිදු කළ යුතු ය.
“පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි.
විධායකයෝ කතා කරමින්, “පිදුරු තිබුණු කල්හි මෙන් ම නුඹලාට නියමිත දිනපතා වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය”යි ඔවුන් ඉක්මන් කරවූ හ.
ඔහුගේ කෑම කොටස බබිලෝනියේ රජු වෙතින් නියම ලෙස දවස් පතා ම ජීවිතයේ මුළු කාලය තුළ ඔහුගේ මරණය දක්වා ඔහුට දෙන ලද්දේ ය.
“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”
මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!