මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.
එස්රා 2:70 - Sinhala New Revised Version 2018 මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ. Sinhala New Revised Version මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ. Sinhala Revised Old Version මෙසේ පූජකයෝද ලෙවීවරුද සෙනඟගෙන් සමහරුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද නෙතිනීම්වරුද ස්වකීය නුවරවල විසුවෝය, සියලු ඉශ්‍රායෙල්වරුද ස්වකීය නුවරවල විසූහ. |
මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.
පසුගිය කාලවල සාවුල් රජ ව සිටිය දී පවා, ඉශ්රායෙල්වරුන් යුද්ධයට ගෙන ගියේ ද ආපසු ගෙනාවේ ද ඔබ ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කරන්නෙහි ය, නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා වන්නෙහි ය’ කියා ඔබට වදාළ සේකැ”යි කීවෝ ය.
ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:
මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.