මෙසේ ලෙවීවරු ජෝවෙල්ගේ පුත් හේමන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරෙකියාගේ පුත් ආසාප් ද තමන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත් ඒතාන් ද
එස්රා 2:41 - Sinhala New Revised Version 2018 ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය. Sinhala New Revised Version ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය. Sinhala Revised Old Version ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅට දෙනෙක්ය. |
මෙසේ ලෙවීවරු ජෝවෙල්ගේ පුත් හේමන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරෙකියාගේ පුත් ආසාප් ද තමන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත් ඒතාන් ද
ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;
ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.
දොරටු පාලකයන්ගේ පුත්‍රයෝ එනම්: ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හටිටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ එකසිය තිස්නවදෙනෙක් ය.
ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.
යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.