ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 2:28 - Sinhala New Revised Version 2018

බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න



එස්රා 2:28
9 හුවමාරු යොමු  

ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය.


මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය.


නෙබෝහි පුත්‍රයෝ පනස්දෙදෙනෙක් ය.


අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස්දෙදෙනෙක් ය.


අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.


බෙතෙල්හි වැසියෝ ශරෙෂෙර් ද රෙගෙම්මොලෙක් ද ඔවුන්ගේ මිනිසුන් ද සමිඳාණන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න යැව්වෝ ය.


ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.


ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යන පිණිස පිටතට නොගිය එක මිනිසෙක් වත් ආයි නගරයේ වත්, බෙතෙල් නගරයේ වත් ඉතිරි ව නොසිටියේ ය. නගරය නොවසා සියල්ල අත්හැර ඔව්හු ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ ය.


මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය.