එසකියෙල් 48:20 - Sinhala New Revised Version 2018 “වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න. Sinhala New Revised Version “වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න. Sinhala Revised Old Version මුළු උපහාරය විසිපන් දහසක් දිගව, විසිපන් දහසක් පළලව, තිබිය යුතුය. එසේ ශුද්ධවූ උපහාරය නුවර කොටස ඇතුළුව සතරැස් එකක් කොට ඔප්පු කරන්න. |
“විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය.
පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.
මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.