එසකියෙල් 46:3 - Sinhala New Revised Version 2018 දේශයේ සෙනඟ ද දොරකඩ ළඟ සබත් දවස්වල ද අමාවක් දවස්වල ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කරන්නෝ ය. Sinhala New Revised Version දේශයේ සෙනඟ ද දොරකඩ ළඟ සබත් දවස්වල ද අමාවක් දවස්වල ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කරන්නෝ ය. Sinhala Revised Old Version දේශයේ සෙනඟද එම දොරකඩ ළඟ සබත් දවස්වලද අමාවක් දවස්වලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය. |
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය.
දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.