එහෙත්, ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයන් ව, මාලිගාවේ දොරටුවල රැකවලුන් ව, මාලිගාවේ සේවකයන් ව සිටින්නෝ ය. ඔවුන් වනාහි දවන යාග පූජාව සහ යාග පූජාව උදෙසා සතුන් මරා දෙනු ඇත. සෙනඟට සේවය කිරීමට ද ඔවුන් ඉදිරියෙහි සිටිනු ඇත.
එසකියෙල් 46:24 - Sinhala New Revised Version 2018 එවිට ඔහු කතා කරමින්, “මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය. Sinhala New Revised Version එවිට ඔහු කතා කරමින්, “මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය. Sinhala Revised Old Version එවිට ඔහු: මේවා ගෘහයේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බන්ට ඕනෑවූ ගෙවල්යයි මට කීවේය. |
එහෙත්, ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයන් ව, මාලිගාවේ දොරටුවල රැකවලුන් ව, මාලිගාවේ සේවකයන් ව සිටින්නෝ ය. ඔවුන් වනාහි දවන යාග පූජාව සහ යාග පූජාව උදෙසා සතුන් මරා දෙනු ඇත. සෙනඟට සේවය කිරීමට ද ඔවුන් ඉදිරියෙහි සිටිනු ඇත.
එසේ මාලිගාවේ මුළු මෙහෙයටත්, එහි කෙරෙන සියල්ලටත් ඔවුන් මාලිගාව බලාගන්න රැකවලුන් කරන්නෙමි.
ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.
ඒ සතර ම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේ ය. ඒ බැමි පහතින් වටේට මැටි උදුන් සාදා තිබුණේ ය.
පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය.
“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?
ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න.