ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය.
එසකියෙල් 46:12 - Sinhala New Revised Version 2018 “අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක් වත්, ස්වේච්ඡා සහභාගිකමේ පූජාවක් වත් සමිඳාණන් වහන්සේට පිළියෙළ කරන්න එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇර දිය යුතු ය. ඔහු සබත් දවසේ දී කරන ප්‍රකාරයට තමාගේ දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද පිළියෙළ කර පිටතට යන්නේ ය. ඔහු ගිය පසු දොරටුව වසනු ලබන්නේ ය.” Sinhala New Revised Version “අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක් වත්, ස්වේච්ඡා සහභාගිකමේ පූජාවක් වත් සමිඳාණන් වහන්සේට පිළියෙළ කරන්න එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇර දිය යුතු ය. ඔහු සබත් දවසේ දී කරන ප්‍රකාරයට තමාගේ දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද පිළියෙළ කර පිටතට යන්නේ ය. ඔහු ගිය පසු දොරටුව වසනු ලබන්නේ ය.” Sinhala Revised Old Version අධිපතියා ස්වෙච්ඡා දවන පූජාවක්වත් ස්වෙච්ඡා ශාන්ති පූජාවක්වත් ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්ට එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇරදිය යුතුය, ඔහු සබත් දවසේදී කරන ප්‍රකාරයට තමාගේ දවන පූජාවද ශාන්ති පූජාවද පිළියෙළකර පිටතට යන්නේය; ඔහු ගියායින් පසු දොරටුව වසනු ලබන්නේය. |
ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය.
ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය.
එවිට හෙසකියා කතා කොට, “දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ.
සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.
යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ”
ඒවාට අමතර ව ඔව්හු නිරන්තර දවන යාග පූජා ද අමාවක්වලත්, සමිඳාණන් වහන්සේගේ සියලු නියමිත ශුද්ධ මංගල්‍යවලත් පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කරන සියල්ලන්ගේ ස්වේච්ඡා පූජා ද ඔප්පු කළහ.
තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය.
එවිට ඒ මිනිසා නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා ගෙන ගියේ ය. එහෙත්, ඒ දොරටුව වසා තිබුණේ ය.
අධිපතියාට නම්, ඔහු අධිපතියා බැවින්, එහි හිඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කෑම කන්න ලැබෙනු ඇත. ඔහු ද්වාර මණ්ඩපයෙන් ඇතුළුවනු ඇත. ඒ මාර්ගයෙන් ම පිටතට යනු ඇතැ”යි වදාළ සේක.
අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”
අධිපතියා ඇතුළු වන කල ඔහු දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු විය යුතු ය. ඒ මාර්ගයෙන් ම පිටතට යා යුතු ය.
ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.
මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”
“එහෙත්, පූජා කරන සතා පුදන්නේ භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් හෝ වශයෙන් නම්, ඔහු එය පුදන දවසේ දී වැළඳිය යුතු ය. ඉන් ඉතිරි කොටස පසුදින ද වළඳන්නට පුළුවන.
“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”
සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.