“අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය;
එසකියෙල් 45:22 - Sinhala New Revised Version 2018 ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය. Sinhala New Revised Version ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය. Sinhala Revised Old Version ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය. |
“අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය;
මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනෙකු ද දවන යාග පූජාවක් සඳහා එක බැටළුවෙකු ද දිය යුතු ය.
“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පනතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්,
ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය.
ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.