එසකියෙල් 45:2 - Sinhala New Revised Version 2018 එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා. Sinhala New Revised Version එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා. Sinhala Revised Old Version එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිට-බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා. |
ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය.
තවද, පාප පූජාව සඳහා කැප කළ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් මාලිගාවේ නියම තැන ඌ පුළුස්සන්න.
“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.
ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය.