ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 45:1 - Sinhala New Revised Version 2018

“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 45:1
15 හුවමාරු යොමු  

ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.


මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය.


“ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.


තවද මෝසෙස් ඉශ්රායෙල් ජනයාට අණ කරමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර නවයට හා අර්ධ ගෝත්‍රයට දෙන්නට අණ කළ, දාදු දමා ඔබ උරුම කොට ගත යුතු දේශය මෙය වේ.


ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න.


එබැවින් දැන් මේ දේශය ද ගෝත්‍ර නවයටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදා දෙන්න.”


ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.


ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය.