ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 44:8 - Sinhala New Revised Version 2018

නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 44:8
12 හුවමාරු යොමු  

සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.


එසේ මාලිගාවේ මුළු මෙහෙයටත්, එහි කෙරෙන සියල්ලටත් ඔවුන් මාලිගාව බලාගන්න රැකවලුන් කරන්නෙමි.


ඔවුන්ට නම්, මාගේ ශුද්ධස්ථානයට ඇතුල් වන්නත්, මට සේවය කිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්නත්, මාගේ සේවය පවත්වන්නත් අවසර ඇත.


පූජාසනයට හා අතිශුද්ධස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත්, නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතු ය. මෙය නුඹලාගේ වගකීම ය. නුඹට මා පූජක නිලය පැවරුයේ තිළිණයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ.”


එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.


දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.”


සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි:


දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද, ජීවතුන්ගේ ද, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය: