උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා,
එසකියෙල් 43:17 - Sinhala New Revised Version 2018 එහි සතර පැත්තේ පිළේ දිග මීටර් හතකි, එහි පළලත් මීටර් හතකි, එය වටකර තිබෙන ගැටිය සෙන්ටිමීටර් විසිපහකි. එය වටකර තිබෙන අඩිතාලම සෙන්ටිමීටර් පණහකි. එහි පඩිය නැගෙනහිර දෙසට ය.” Sinhala New Revised Version එහි සතර පැත්තේ පිළේ දිග මීටර් හතකි, එහි පළලත් මීටර් හතකි, එය වටකර තිබෙන ගැටිය සෙන්ටිමීටර් විසිපහකි. එය වටකර තිබෙන අඩිතාලම සෙන්ටිමීටර් පණහකි. එහි පඩිය නැගෙනහිර දෙසට ය.” Sinhala Revised Old Version එහි සතර පැත්තේ පිළේ දිග රියන් දහහතරක්ය, එහි පළලත් දහහතරක්ය; එය වටකර තිබෙන ගැටිය රියන් භාගයක්ය; එය වටකර තිබෙන අඩිය රියනක්ය; ඒකේ පඩිය නැගෙනහිර දෙසටයයි කීසේක. |
උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා,
මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.
එවිට ජේෂුවා ද බානී ද කද්මියෙල් ද ෂෙබනියා ද බුන්නී ද ෂෙරෙබියා ද බානී ද කෙනානි ද ලෙවීවරුන්ගේ වේදිකාවේ උඩ සිට මහා හඬකින් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය.
තවද, නුඹලා මාගේ පූජාසනය වෙත යන විට නුඹලාගේ නග්න භාවය නොපෙනෙන පිණිස පඩිවලින් ඊට නොනැඟිය යුතු ය.”
තවද, එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල ඇති පටියක් සවි කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ.
එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.
ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.
මෙය පූජාසනයේ අඩිතාලම ය. බිම පටන් පහළ පිළට මීටරයක් ය, පළල සෙන්ටිමීටර් පණහක් ය, කුඩා පිළ පටන් ලොකු පිළට මීටර් දෙකක් ය, පළල ද සෙන්ටිමීටර් පණහකි.
නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.
පූජකයා ද පාප පූජාවේ ලේවලින් ස්වල්පයක් රැගෙන මාලිගාවේ උළුවස්සේ කණුවලත්, පූජාසනයේ අඩිතාලමේ කොන් සතරේත් ඇතුළු මළුවේ දොරටුවේ උළුවහු කණුවලත් ගාන්නේ ය.
උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.