එසකියෙල් 43:12 - Sinhala New Revised Version 2018 දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.” Sinhala New Revised Version දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.” Sinhala Revised Old Version ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය. |
මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.
දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි.
ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
“මතු දවස, සමිඳුන්ගේ මාලිගාව පිහිටි කන්ද ඉතා ම උස කන්ද මෙන් ද සියලු කඳු හෙල්වලට වඩා ඉහළින් ද පිහිටුවනු ලබන්නේ ය. ජනයෝ එයට වැල නොකැඩී එන්නෝ ය.
අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.