ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 42:20 - Sinhala New Revised Version 2018

ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 42:20
18 හුවමාරු යොමු  

මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;


සමිඳුනි, ඔබ මා දෙවිඳාණෝ ය. ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි. ඔබ පුදුම දේ කර ඇත. පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙස ද සැබෑ ලෙස ද ඔබ ඉටු කරන සේක.


ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.


නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය.


දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි.


ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.


දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.”


“කැප දෙය සහ අකැප දෙය අතර තිබෙන වෙනස ඔව්හු මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර දෙය සහ පවිත්‍ර දෙය අතරෙන් තිබෙන වෙනස ඔවුන්ට දන්වත් වා.


එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා.


“කිලෝමීටර් දොළහමාරක් ද පළලින් දෙකහමාරක් ව ද තිබෙන ඉතිරි කොටස ශුද්ධ නොවේ, එය වාසය කිරීමට නුවර සහ තණ බිම පිණිස පොදු කොටසක් වන්නේ ය. නුවර වනාහි එහි මැද වන්නේ ය.


“වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න.


නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.


ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත.


‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය.


එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,