ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.
එසකියෙල් 41:24 - Sinhala New Revised Version 2018 දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය. Sinhala New Revised Version දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය. Sinhala Revised Old Version දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය. |
ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.
මාලිගාවේ දොරකඩට දේවදාර ලීවලින් දොරවල් දෙකක් ද සෑදුවේ ය. එක දොරකට අකුළන දේවදාර පියන් දෙකක් ද අනික් දොරට අකුළන දේවදාර පියන් දෙකක් ද විය.
පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.
ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.
“යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය.