තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.
එසකියෙල් 41:12 - Sinhala New Revised Version 2018 බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය. Sinhala New Revised Version බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය. Sinhala Revised Old Version බස්නාහිර පැත්තෙහි වෙන්වූ මළුවට ඉදිරිපිට තිබුණු ගොඩනැගිල්ලේ පළල රියන් සැත්තෑවක්ය; ඒ ගොඩනැගිල්ලේ භිත්තියේ පළල වටකරම රියන් පහක්ය, ඒකේ දිග රියන් අනූවක්ය. |
තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.
නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලට ම වෙන් වූ මළුවටත්, ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට කාමර තිබිණි.
එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.
අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.