ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.
එසකියෙල් 40:5 - Sinhala New Revised Version 2018 දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි. Sinhala New Revised Version දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි. Sinhala Revised Old Version ගෘහයට පිටතින් වටකරම තාප්පයක් තිබුණේය, ඒ මනුෂ්‍යයාගේ අතේ හරියනක් දිග ඇති දණ්ඩක් විය, එහි රියනක දිග රියනකුත් අල්ලක්ය. එවිට ඔහු ගොඩනැගිල්ලේ පළල මැන්නේය, ඒක එක දණ්ඩක්ය; උසත් එක දණ්ඩක්ය. |
ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.
ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.
නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි.
ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය.
ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.
තවද, උන් වහන්සේ මෙසේ වදාළ සේක: “ දේව මාලිගාව මැන්න මිම්ම අනුව ම පූජාසනයේ මිමි මේවා ය: එහි අඩිතාලමේ උස සෙන්ටිමීටර් පණහකි. පළලත් සෙන්ටිමීටර් පණහකි. වටකර එහි ගැටිය අද්දර දක්වා සෙන්ටිමීටර් විසිපහකි.
‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”
වාසල් දොරටු දොළොසකින් යුත්, මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේව දූතයෝ දොළොස් දෙනෙක් වූ හ. ඒවා පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි.