ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය.
එසකියෙල් 40:21 - Sinhala New Revised Version 2018 එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය. Sinhala New Revised Version එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය. Sinhala Revised Old Version ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය. |
ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය.
එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.
එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.