එසකියෙල් 34:19 - Sinhala New Revised Version 2018 මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.” Sinhala New Revised Version මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.” Sinhala Revised Old Version මාගේ බැටළුවෝ නුඹලාගේ පාදවලින් පෑගුවාවූ ඒවා කති, නුඹලාගේ පාදවලින් කිලුටුකළ ඒවා බොති. |
මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.”
නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ එඬේරුන්ට මෙසේ වදාරන සේක: බලන්න, මම ම තර බැටළුවන් කෙට්ටු බැටළුවන්ගෙන් වෙන්කරන්නෙමි.