ඔවුන්ගේ හේවායන්ගේ මළකඳන් පක්ෂීන්ටත්, මෘගයන්ටත් ගොදුරු වන පිණිස අත්හැරදමනු ලබන්නේ ය. ග්‍රීෂ්ම කාලයෙහි පක්ෂීහු ද ශීත කාලයෙහි මෘගයෝ ද ඒවා කාදමන්නෝ ය.
එසකියෙල් 31:13 - Sinhala New Revised Version 2018 වැටී ඇති ගස් මත ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝ ය. එහි අතු උඩ වනයේ සියලු මෘගයෝ ඇවිදින්නෝ ය. Sinhala New Revised Version වැටී ඇති ගස් මත ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝ ය. එහි අතු උඩ වනයේ සියලු මෘගයෝ ඇවිදින්නෝ ය. Sinhala Revised Old Version ඔහුගේ වැටුණු කඳ පිට ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝය, ඔහුගේ අතු උඩ වනයේ සියලු මෘගයෝ හිඳින්නෝය. |
ඔවුන්ගේ හේවායන්ගේ මළකඳන් පක්ෂීන්ටත්, මෘගයන්ටත් ගොදුරු වන පිණිස අත්හැරදමනු ලබන්නේ ය. ග්‍රීෂ්ම කාලයෙහි පක්ෂීහු ද ශීත කාලයෙහි මෘගයෝ ද ඒවා කාදමන්නෝ ය.
මම නුඹ සහ නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළාදමන්නෙමි. නුඹ වළලනු නොලැබ පොළොව මතුපිට සිටින්නෙහි ය. මම නුඹ පොළොවේ මෘගයන්ට ද ආකාශ පක්ෂීන්ට ද කෑම පිණිස දෙන්නෙමි.
“ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්හ. එහි අතු යට වනයේ සියලු මෘගයෝ පැටවුන් ගැසූ හ. එහි සෙවණෙහි සියලු මහා ජාතීහු ද වාසය කළහ.
එවිට මම නුඹ බිම දමා, පොළෝ තලය මතු පිට හෙළා ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්, මුළු පොළොවේ සත්ත්වයන් නුඹේ මාංසය කා තෘප්තියට පැමිණෙන්නටත් සලස්වන්නෙමි.