මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්‍රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
එසකියෙල් 30:16 - Sinhala New Revised Version 2018 ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි. Sinhala New Revised Version ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි. Sinhala Revised Old Version ගින්නක්ද මිසරයෙහි අවුළුවන්නෙමි; ශීන් මහත් වේදනා විඳින්ටත් නෝය බිඳදමනු ලබන්ටත් නොප්හි දවල් කාලයේ සතුරන් සිටින්ටත් යෙදෙන්නේය. |
මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්‍රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.
මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.
ආවෙන්හි ද පී-බෙසෙත්හි ද යෞවනයෝ කඩුවෙන් නසින්නෝ ය; එහි වැසියෝ වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.
මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය.