ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 27:4 - Sinhala New Revised Version 2018

නුඹේ දේශ සීමා මුහුද මැද ඇත්තේ ය. නුඹව ගොඩනැඟුව අය නුඹේ අලංකාරකම සම්පූර්ණ කර තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹේ දේශ සීමා මුහුද මැද ඇත්තේ ය. නුඹව ගොඩනැඟුව අය නුඹේ අලංකාරකම සම්පූර්ණ කර තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ පළාත් මුහුදු මැද ඇත්තේය, නුඹව සෑදූ අය නුඹේ අලංකාරකම සම්පූර්ණකර තිබේ.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 27:4
5 හුවමාරු යොමු  

එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය.


තීර් නගරයට මෙසේ කියන්න: ‘මුහුදට ඇතුළු වන තැන්හි වාසය කරන, බොහෝ ද්වීපවල ජනයන්ගේ වෙළෙන්දියක මෙන් වන තැනැත්ති ය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා තීර්! මම අකලංක අලංකාරයෙන් සිටිමි යි නුඹ කීයෙහි ය.


ඔව්හු නුඹේ නැවේ ලෑලි සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදූ හ. නුඹට කුඹ ගසක් සාදන්න ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්හ,


නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.


නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.