ජුදාවරු ද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝ ද නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ මින්නිත් ප්‍රදේශයේ තිරිඟු ද ඉටි ද මී පැණි ද ගුගුල් ද යන මේවායින් ගනුදෙනු කළෝ ය.
යූදාවරුද ඉශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෝද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.
එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න.
මාගේ වැඩකාරයෝ ලෙබනොන් දේශයේ සිට මුහුද ළඟට ඒවා ගෙන එන්නෝ ය. මම ඒවා එක් කොට, පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි. තවද, ඔබ ඒවා භාරගැනීම පිණිස එහි දී ඒවා ලිහන්න සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ට කරන්නෙහි ය”යි කියා එව්වේ ය.
ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද යව මෙට්රික් ටොන් දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.
පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.
හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.
දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.
එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි.
ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ.