ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.
එසකියෙල් 24:2 - Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, මේ දවස එනම්, මේ අද දවස සටහන් කර තබන්න. බබිලෝනියේ රජ මේ දින ම ජෙරුසලම වටලා ඇත. Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, මේ දවස එනම්, මේ අද දවස සටහන් කර තබන්න. බබිලෝනියේ රජ මේ දින ම ජෙරුසලම වටලා ඇත. Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, දවසේ, එනම් මේ අද දවසේම නම ලියාගන්න. බබිලෝනියේ රජ මේ අද දවසේදීම යෙරුසලමට ළංවී සිටියේය. |
ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක; “නුඹ මහත් පුවරුවක් ගෙන එහි ලොකු අකුරෙන් ‘කොල්ලය ශීඝ්‍රයෙන් සිදුවේ’ යන අරුත ඇති ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ යන වචන ලියන්න.
ජුදාහි රජ වූ ශෙදෙකියාගේ රජකමේ නව වන අවුරුද්දේ දස වන මාසයේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් තෙමේ තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් එය වටලාගත්තේ ය.
ඔහුගේ රාජ්‍ය කාලයේ නව වන අවුරුද්දේ දස වන මස දස වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත්, කඳවුරු බැඳ, එයට වටකරින් බලකොටු ද ගොඩනැඟුවේ ය.
අපේ වහල්කමේ දොළොස් වන අවුරුද්දේ දස වන මාසයේ පස් වන දින ජෙරුසලමෙන් ගැළවී ආ කෙනෙක් මා ළඟට අවුත්, “නුවර සතුරන්ට අත්පත් වී ය”යි කී ය.