“මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?
එසකියෙල් 24:19 - Sinhala New Revised Version 2018 සෙනඟ ද කතා කරමින්, “නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ. Sinhala New Revised Version සෙනඟ ද කතා කරමින්, “නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ. Sinhala Revised Old Version සෙනඟද: නුඹ කරන මේ දේ අපට අදාළවෙන හැටි නුඹ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය. |
“මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?
“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.
එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.
‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”
මම උදයේ සෙනඟට කතා කෙළෙමි; සවස මාගේ භාර්යාව මළා ය. මට අණ කළ ලෙස පසු දින උදයේ දී මම කෙළෙමි.
එවිට මම ඔවුන්ට කතා කොට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක.
නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට,
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා මට විරුද්ධ ව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ‘ඔබට විරුද්ධ ව අපි කුමක් කීවෙමු දැ’යි නුඹලා අසන්නහු ය.