ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 23:28 - Sinhala New Revised Version 2018

“කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ වෛරවෙන්නාවූ, නුඹේ සිතෙන් නුඹ පහකළාවූ අයගේ අතට නුඹ පාවාදෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 23:28
6 හුවමාරු යොමු  

“එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි.


මම ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නෙමි, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතට මම ඔවුන් පාවා දෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේ ය.


එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි.


බබිලෝනිවරු ද ඇගේ යහනේ ඈ සමඟ කම්සැපතෙහි යෙදී කාමරාගයෙන් ඈ දූෂණය කළහ. ඈ ඔවුන් කරණකොටගෙන දූෂණය වූ පසු ඈ ඔවුන් පිළිකුල් කරමින් ඔවුන්ගෙන් ඈත් වූවා ය.


එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.