ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 21:30 - Sinhala New Revised Version 2018

“ ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි නුඹේ උත්පත්ති දේශයේදී නුඹ විනිශ්චයකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 21:30
9 හුවමාරු යොමු  

එහෙත්, මා ඔවුන් මෙසේ වහල්කමට පත් කළ ඒ ජාතිය විනිශ්චය කළ පසු, ඔව්හු බොහෝ සම්පත් රැගෙන පිටත් ව යන්නාහ.


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මේ දිව්‍ය ප්‍රකාශනය ජෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැන ය.’


පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි.


රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහි ය; සියලු මැණික් ගල් වන ලෝහිතංක ද පුෂ්පරාග ද දියමන්ති ද රන්කාන්ති ද නඛමාණික්‍ය ද සූර්යකාන්ති ද නීලමාණික්‍ය ද රතුකැට ද මරකත ද ඔබ්බන ලද රනින් සෑදූ පළඳනාවෙන් සැරසී සිටියෙහි ය. නුඹ මවනු ලැබූ දවසේ දී ඒවා නුඹට සූදානම් කරන ලද්දේ ය.


නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.