මා විසින් නුඹට දෙන ලද මාගේ කෑම වන සිහින් පිටි ද තෙල් ද මී පැණි ද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.
කන්ට මා විසින් නුඹට දුන්නාවූ මාගේ කෑම වන සිහින් පිටිද තෙල්ද මීපැණිද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි තැබුවෙහිය, මෙසේ වුණායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.
බාල් නම් නින්දිතකමේ දෙවියා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තු ද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන් ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ද කාදැමුවේ ය.
මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහි ය; නුඹේ වස්ත්‍ර සිහින් හණ රෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටි ද මී පැණි ද තෙල් ද කෑවෙහි ය. නුඹ අතිශයින් ම ශෝභමාන වී රැජිනක බවට පත් වූයෙහි ය.
නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.
ඔව්හු තමන්ගේ අලංකාර ආභරණ අහංකාර වීමට කරුණක් කරගත්හ. එයින් පිළිකුල් රූප වන අශික්ෂිත දේ සාදාගත්හ. එබැවින් මම ඔවුන්ගේ වස්තුව ඔවුන්ට ම පිළිකුලක් කෙළෙමි.