එසකියෙල් 13:18 - Sinhala New Revised Version 2018 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්‍රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද? Sinhala New Revised Version ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්‍රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද? Sinhala Revised Old Version මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–ප්‍රාණ දඩයම් කිරීමට අත්වල සියලු සන්ධිවලට වැසුම් මහන්නාවූ, සියලු ප්‍රමාණවල හිස් වැසුම් සාදන්නාවූ ස්ත්‍රීන්ට දුක්වේ! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්තිකරමින්, නුඹලාගේම ප්‍රාණ ඉතුරුකරගන්ට නුඹලාට පුළුවන්වේද? |
එවිට මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ ජෙරුසලම් ජනයා සහමුලින් ම රැවටූ සේක: මන්ද, ‘සාමය ඇති වන්නේ ය’යි ඔබ වදාළ නමුත්, දැන් ඔවුන්ගේ ගෙලට කඩුව එල්ල වී ඇතැ”යි කීවෙමි.
තුවාළයකට මතුපිටින් පිළියම් කරන සේ සාමය නැති විට පවා ඔව්හු, ‘සාමය, සාමය’ කියමින් මාගේ සෙනඟ සනසති.
“මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.
ඔව්හු නම්, ජෙරුසලම ගැන දිවැස් වැකි කියමින් ‘සාමය නැති කල්හි අප උදෙසා සාම දර්ශන දකින ඉශ්රායෙල් දිවැසිවරුය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි.
නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.
මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය.
ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.