එසකියෙල් 11:25 - Sinhala New Revised Version 2018 මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි. Sinhala New Revised Version මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි. Sinhala Revised Old Version මමද ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සියලු දේ වහල්කමේ සිටියවුන්ට කීවෙමි. |
ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කෙරෙහි මම නුඹ මුරකාරයෙකු වශයෙන් පත් කෙළෙමි. මාගෙන් යම් වචනයක් ඇසෙන සෑම විට ම ඔවුන්ට අවවාද කරන්න.
එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න.