මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.
එසකියෙල් 10:3 - Sinhala New Revised Version 2018 ඔහු මා බලා සිටිය දී ඇතුළු විය. ඒ මනුෂ්‍යයා ඇතුළු වන විට කෙරුබ්වරු මාලිගාවේ දකුණු පැත්තෙහි සිටියෝ ය. ඇතුළු මළුව ද වලාකුළෙන් පිරුණේ ය. Sinhala New Revised Version ඔහු මා බලා සිටිය දී ඇතුළු විය. ඒ මනුෂ්‍යයා ඇතුළු වන විට කෙරුබ්වරු මාලිගාවේ දකුණු පැත්තෙහි සිටියෝ ය. ඇතුළු මළුව ද වලාකුළෙන් පිරුණේ ය. Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයා ඇතුල්වෙන කොට කෙරුබ්වරු ගෘහයේ දකුණු පැත්තෙහි සිටියෝය; ඇතුල් මළුවද වලාකුළෙන් පිරුණේය. |
මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.
සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය.
උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.
එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රොදකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.
එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය.