ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය; ශක්තිය ද ප්‍රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
එසකියෙල් 1:27 - Sinhala New Revised Version 2018 ඒ ස්වරූපයේ ඉඟටියේ සිට ඉහළට ගිනි උදුනක බැබළෙන ලෝකඩ වැනි පෙනුමක් මම දිටිමි; ඉඟටියේ සිට පහළට හාත්පසින් දීප්තියක් ඇති ගින්නක පෙනුමක් දිටිමි. Sinhala New Revised Version ඒ ස්වරූපයේ ඉඟටියේ සිට ඉහළට ගිනි උදුනක බැබළෙන ලෝකඩ වැනි පෙනුමක් මම දිටිමි; ඉඟටියේ සිට පහළට හාත්පසින් දීප්තියක් ඇති ගින්නක පෙනුමක් දිටිමි. Sinhala Revised Old Version එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනිපෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දුටිමි. |
ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය; ශක්තිය ද ප්‍රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
අපේ දෙවිඳාණෝ වඩින සේක; නිහඬ ව නොසිටින සේක. එතුමාණෝ අබිමුව විනාශකාරී ගින්නක් ඇත; එතුමාණෝ සිසාරා චණ්ඩ මාරුතයක් හමයි.
වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.
ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවෙහි සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නඟින ගිනි ජාලාවක් මෙන් දිස් විය.
මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය.
මා බැලූ විට ගිනිගත් මනුෂ්‍ය රූපයක් වැනි යමක් දිටිමි. එහි ඉඟටිය මෙන් පෙනුණ කොටස ගින්නෙන් වෙළී තිබිණි. එයින් ඉහළ කොටස කාන්තියෙන් දිළිසෙන ලෝකඩ මෙන් බැබළෙන පෙනීමක් ද තිබිණි.
අරුණෝදය මෙන් උන් වහන්සේ වඩින සේක. රශ්මි දහරා උන් වහන්සේගේ අතින් විහිදෙයි. එහි උන් වහන්සේගේ බලය සැඟවී ඇත.
එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.