එසකියෙල් 1:22 - Sinhala New Revised Version 2018 තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය. Sinhala New Revised Version තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය. Sinhala Revised Old Version තවද සත්වයාගේ හිසට උඩින් භයානක පළිඟුවල පාට වැනි ආකාශයක සමානත්වයක් තිබුණේය, එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේය. |
ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය.
ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු අහස් ගැබට ඉහළින් හඬක් පැමිණියේ ය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.
ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි.
මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට ඉහළින් නීලමාණික්‍යයන් වැනි සිංහාසනයක රූපයක් දිටිමි.
මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.
ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය.
එහි වැඩහුන් තැනැන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූ සේක. සිංහාසනය වටා මරකත මෙන් දිළෙන දේදුන්නක් විය.
සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.