රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය.
එපීස 6:15 - Sinhala New Revised Version 2018 සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. Sinhala New Revised Version සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. සිංහල කාලීන පරිවර්තනය සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවරව සිටගන්න. Sinhala Revised Old Version සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න. |
රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය.
සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
දෙවි සමිඳාණෝ මාගේ ශක්තිය වේ. මාගේ පාද මුවෙකුගේ පාද මෙන් ශීඝ්‍ර කරන සේක. උස් තැන්වල ඇවිදින්න මට සලස්වන සේක. නායක ගායනාකරුට ය. වීණා ඇති ව ගායනා කිරීමට ය.
එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;
යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.