මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
එපීස 5:10 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න. සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න. |
මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?
ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.
එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත්, මිනිසුන්ගෙන් ප්‍රශංසා වත් දිනාගනී.
දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.
සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.
එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි.
එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.
ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි.
ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.
දාවිත් ඒ ඇඳුමේ සාවුල්ගේ කඩුව බැඳගෙන ඇවිදින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, ඔහුට නුපුළුවන් විය. මන්ද, ඔහු ඒවා පැළඳ පුරුදු නැති නිසා ය. එවිට දාවිත් සාවුල්ට කතා කොට, “මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා,