උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
එපීස 3:4 - Sinhala New Revised Version 2018 මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. Sinhala New Revised Version මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. සිංහල කාලීන පරිවර්තනය මේ දෑ කියවීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට වටහා ගත හැකි වෙයි. Sinhala Revised Old Version ඒ ප්‍රකාරයට නුඹලා එය කියවන විට ක්‍රිස්තුස්වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම්ගන්ට පුළුවන; |
උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.”
සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.
දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක.
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය.
මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි.
උන් වහන්සේගේ කැමැත්තේ අබිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය.
මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි.
සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න.
ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත.
මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය.
ඒ සමඟ ම ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය.
අපේ ඇදහිල්ලේ අබිරහස නිසැක ව ම ගැඹුරු එකකි. ඒ අබිරහස මේ ය: උන් වහන්සේ මිනිසත්බව ගෙන, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ, දූතයන්ට දිස් වූ සේක. විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ, ලොව පුරා අදහාගනු ලැබ, මහිමයෙන් ඔසවනු ලැබූ සේක.