උත්පත්ති 7:17 - Sinhala New Revised Version 2018 පොළොව මත ජලගැල්ම දවස් සතළිසක් පුරා ගැලී ය. ජල මට්ටම නැගෙත් ම නැව පොළොවෙන් ඉලිප්පිණි. Sinhala New Revised Version පොළොව මත ජලගැල්ම දවස් සතළිසක් පුරා ගැලී ය. ජල මට්ටම නැගෙත් ම නැව පොළොවෙන් ඉලිප්පිණි. Sinhala Revised Old Version ජලගැල්ම සතළිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය, ඒක පොළොවෙන් ඉවත්ව ගියාය. |
දෙවියන් වහන්සේ ඔහුට අණ කළ ලෙස සියලු සත්තු ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමඟ නැවට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ නෝවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක.
තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක.
සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක. එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”