නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.
උත්පත්ති 6:15 - Sinhala New Revised Version 2018 නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි. Sinhala New Revised Version නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි. Sinhala Revised Old Version නුඹ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය. |
නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.
නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න.
“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”