නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.
උත්පත්ති 5:1 - Sinhala New Revised Version 2018 ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. Sinhala New Revised Version ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. Sinhala Revised Old Version ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක; |
නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.
නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය.
විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.
මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.
පුරුෂයා සිය හිස වසා නොගත යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි.
අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.
දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.
අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහු ය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස, ඒ අලුත් ස්වභාවය එහි මැවුම්කාරයාණන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරන සේක.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?