උත්පත්ති 49:29 - Sinhala New Revised Version 2018 ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, “මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි, Sinhala New Revised Version ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, “මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි, Sinhala Revised Old Version ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන, |
ආබ්‍රහම් ද ඔහුගේ කීමට එකඟ විය. තවද, ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි හාරසියයක් එප්‍රොන්ට කිරා දුන්නේ ය.
මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාව ද ඉඩමෙහි හා එය වට කළ මායිම්වල තිබූ ගස්කොළන් ද
මෙලෙස ඉඩම ද එහි ගුහාව ද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සින්නකර දෙන ලදී.
ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය.
ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිරියත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.
ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.
මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියෙහි මා භූමදාන කරන්නැ”යි කී ය. “ඔබ කී පරිදි ම මම ඉටු කරමි”යි ජෝසෙප් පිළිතුරු දුනි.
ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.
මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.
මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ.
මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.”
සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;