ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 49:15 - Sinhala New Revised Version 2018

විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු නවාතැනක් දැක ඒ හොඳ බවද දේශය ප්‍රසන්න බවද දැක බර ඉසිලීමට තමාගේ කර නමා අමාරු වැඩට දාසයෙක් වුණේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 49:15
10 හුවමාරු යොමු  

ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි.


දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.


දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය.


“මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.


කාර්යක්ෂම අත රට පාලනය කරයි; අලසයෝ වහල් සේවයට යට වෙති.


“එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය. ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය. ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තීර්ට විරුද්ධ ව දරුණු සටනක් ඇරඹුවේ ය. ඔහුගේ හේවායන් පිට මහා බර උසුලාගෙන යන්න ඔහු සැලැසූ නිසා ඔවුන්ගේ හිස් මුඩු විය. උරහිස්වල හම ගියේ ය. එහෙත්, ඔහු තීර්ට විරුද්ධ ව කළ සටනින් ඔහුට වත්, ඔහුගේ සේනාවට වත් තීර්ගෙන් කිසි වාසියක් ලැබුණේ නැත.


ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.


මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.


එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.