ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 48:13 - Sinhala New Revised Version 2018

ජෝසෙප් ඔවුන් දෙදෙන රැගෙන, එප්‍රායිම්, ජාකොබ්ගේ වම් පැත්තට සිටින පරිදි ඔහු තම දකුණතින් ද, මනස්සේ, ජාකොබ්ගේ දකුණු පැත්තට සිටින පරිදි ඔහු තම වමතින් ද අල්ලාගෙන, ජාකොබ්ට ළං විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝසෙප් ඔවුන් දෙදෙන රැගෙන, එප්‍රායිම්, ජාකොබ්ගේ වම් පැත්තට සිටින පරිදි ඔහු තම දකුණතින් ද, මනස්සේ, ජාකොබ්ගේ දකුණු පැත්තට සිටින පරිදි ඔහු තම වමතින් ද අල්ලාගෙන, ජාකොබ්ට ළං විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෝසෙප් ඒ දෙදෙනා රැගෙන එප්‍රායිම් ඉශ්‍රායෙල්ගේ වම් පැත්තට තමාගේ දකුණතින්ද මනස්සේ ඉශ්‍රායෙල්ගේ දකුණතට තමාගේ වමතෙන්ද අල්ලාගෙන ඔහු ළඟට පැමිණවිය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 48:13
6 හුවමාරු යොමු  

“දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි.


තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.


පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය.


එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය.


පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය.


බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක.