ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය.
උත්පත්ති 46:8 - Sinhala New Revised Version 2018 මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්; Sinhala New Revised Version මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්; Sinhala Revised Old Version මිසරයට පැමිණියාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් මේය: යාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝය. යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. |
ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය.
මෙලෙස ඔහු තම පුත්‍රයන් ද පුත්‍රයන්ගේ පුත්‍රයන් ද පුත්‍රයන්ගේ දූවරුන් ද මුළු දරු පෙළපත ද තමන් කැටුව මිසරයට ගෙන ආවේ ය.
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.