එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.
උත්පත්ති 46:31 - Sinhala New Revised Version 2018 ඉන්පසු ජෝසෙප් තම සහෝදරයන්ට හා තම පියාගේ ගෙවැසියන්ට කතා කොට, “මම ගොස් පාරාවෝ ඉදිරියේ පෙනී සිට, ‘කානාන් දේශයේ සිටි මාගේ සහෝදරයන් හා පියාගේ පවුලේ සියල්ලන් මා වෙත පැමිණ ඇත. Sinhala New Revised Version ඉන්පසු ජෝසෙප් තම සහෝදරයන්ට හා තම පියාගේ ගෙවැසියන්ට කතා කොට, “මම ගොස් පාරාවෝ ඉදිරියේ පෙනී සිට, ‘කානාන් දේශයේ සිටි මාගේ සහෝදරයන් හා පියාගේ පවුලේ සියල්ලන් මා වෙත පැමිණ ඇත. Sinhala Revised Old Version යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති; |
එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.
ඔව්හු එඬේරු ය, සත්ත්ව ගොවිපළවල් පාලනය කරන අය ය. ඔවුන් තමන්ගේ එළු බැටළු රැළ ද ගව රැළ ද තමන් සතු සියල්ල ද ගෙනැවිත් ඇත’ කියන්නෙමි.
දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය.
මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී: