එවිට ජාකොබ් හෙවත් ඉශ්රායෙල් කතා කරමින්, “දැන් ඇති, මා පුත් ජෝසෙප් තව ම ජීවත් ව සිටියි, මා මැරෙන්න කලින් ගොස් ඔහු දැකගත යුතු ය”යි කීවේ ය.
උත්පත්ති 46:30 - Sinhala New Revised Version 2018 එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය. Sinhala New Revised Version එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය. Sinhala Revised Old Version එවිට ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: මා ඔබගේ මුහුණ දැක ඔබ තවම ජීවත්ව සිටින බව දැනගත් බැවින් ඉතින් මට මරණය පැමුණුණාවේයයි යෝසෙප්ට කීවේය. |
එවිට ජාකොබ් හෙවත් ඉශ්රායෙල් කතා කරමින්, “දැන් ඇති, මා පුත් ජෝසෙප් තව ම ජීවත් ව සිටියි, මා මැරෙන්න කලින් ගොස් ඔහු දැකගත යුතු ය”යි කීවේ ය.
එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය.
ඉන්පසු ජෝසෙප් තම සහෝදරයන්ට හා තම පියාගේ ගෙවැසියන්ට කතා කොට, “මම ගොස් පාරාවෝ ඉදිරියේ පෙනී සිට, ‘කානාන් දේශයේ සිටි මාගේ සහෝදරයන් හා පියාගේ පවුලේ සියල්ලන් මා වෙත පැමිණ ඇත.