උත්පත්ති 46:24 - Sinhala New Revised Version 2018 නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය; Sinhala New Revised Version නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය; Sinhala Revised Old Version නප්තලීගේ පුත්‍රයෝ, යාශෙයෙල්, ගුනී, යේශෙර් සහ ෂිල්ලෙම්ය. |
මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
නප්තලීගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා නප්තලී! ප්‍රසාදයෙන් සෑහීමට පත්, සමිඳුන්ගේ ආසිරියෙන් පිරිපුන් ඔබ, අපර දිග ද දකුණු දිග ද හිමි කරගන්න.”